2040 වන විට ලෝක ජනගහනය බිලියන නවයක් දක්වා ඉහළ යා හැකි අතර, ප්‍රක්ෂේපිත ජලාශ පරිමාව ඝන මීටර බිලියන 7,000 ක් පමණ වේ.

ජලාශ ව්‍යාප්තිය ජනගහන වර්ධනයට සමගාමීව පවත්වා ගැනීමට නොහැකි වීම නිසා එක් පුද්ගලයකු සඳහා වෙන් වූ ජල ධාරිතාව ගෝලීය වශයෙන් අඩුවෙමින් පවතින බව එක්සත් ජාතීන්ගේ ලෝක ජල සංවර්ධන වාර්තාව 2021 මාර්තු 22 වන දින ලෝක ජල දිනයේදී පැවසීය.

ජනගහනය ඉහළ යමින් තිබියදීත්, ජල ධාරිතාව ස්ථාවර කිරීමේ ප්‍රවණතාවක් 2000 දශකයේ සිට දක්නට ලැබුණි.

අඩු ජලාශ ප්‍රසාරණය වීමට එක් හේතුවක් වූයේ අවසාදිත වීම හේතුවෙන් පවතින ජලාශවල ගබඩා ධාරිතාව අඩුවීමයි. ලෝකයේ විශාලතම ගංගා ද්‍රෝණි 400 හි ජල සුරක්‍ෂිතතාව ඉහළ නැංවීම සඳහා ගබඩා ධාරිතාවේ වටිනාකම තක්සේරු කිරීමෙන් අප්‍රිකාවේ බොහෝ ප්‍රදේශවල මෙන්ම ඕස්ට්‍රේලියාව, උතුරු චීනය, ඉන්දියාව, ස්පාඤ්ඤය සහ එක්සත් ජනපදයේ බටහිර ප්‍රදේශවල ජල හිඟ අවදානම හඳුනාගෙන ඇති බව වාර්තාව පවසයි.

සාමාන්‍ය වාර්ෂික ගබඩා පරිමාවේ අඩුවීම, ඉදිකරන ලද මුළු ජලාශ ධාරිතාවෙන් සියයට 1 ක් පමණ වන අතර, මෙම පාඩු යථා තත්ත්වයට පත් කිරීම සඳහා ඇස්තමේන්තුග ත පිරිවැය වසරකට ඩොලර් බිලියන 13 ක් පමණ වන බව වාර්තාවේ දැක්වේ.

වාර්තාව අවසන පරිදි, අවසාදිත වීම හේතුවෙන් කෘතිම ජලාශ ගබඩාවේ ඇති වන පාඩු ආයෝජන ප්‍රාග්ධනයේ ක්ෂය වීමේ අනුපාතය වැඩි කරන අතර එම නිසා ආයෝජන මත ප්‍රතිලාභ අඩු වේ. වැඩි දියුණු කරන ලද ජල පෝෂක කළමනාකරණය සඳහා සොබාදහම පදනම් කරගත් විසඳුම් මඟින් ප්‍රධාන වශයෙන් ක්‍රියාත්මක කරනු ලබන අවසාදිත අවම කිරීමේ පියවරවල වටිනාකම ද ඔවුන් වැඩි කරයි.

මුල් ගඟේ වාෂ්පීකරණය හා සසඳන විට කෘතිම විල් හා ජලාශවල වාෂ්පීකරණය වැඩි වීමෙන් සැලකිය යුතු අලාභයක් සිදු වේ. උණුසුම් ශුෂ්ක කලාපවල සාමාන්‍යයට වඩා සමානුපාතිකව එය ඉහළ යනු ඇතැයි අපේක්ෂා කළ හැකි අතර ඉදිරියේ දී ජලය හිඟයක් ඇති වේ.

වාර්තාව තවදුරටත් මෙසේ පවසයි:

“මේ පාඩු භාවිතා කරන ජල පරිමාව මත පදනම් වූ තක්සේරු කිරීම් කෙරෙහි සැලකිය යුතු බලපෑමක් ඇති කරනවා. සාමාන්‍යයෙන් මේ පරිමාවන් කෙලින්ම මනින ප්‍රමාණය මෙන් දෙගුණයක් වනු ඇතැයි යෝජනා කරනවා”

කෘත්‍රිම ජලාශ ධාරිතාවය පුළුල් කිරීම තිරසාර ජල සම්පත් උපාය මාර්ගයක කේන්ද්‍රීය අංගයක් විය යුතුද යන්න මෙම ප්‍රවණතා ප්‍රශ්න කරයි.

අධ්‍යයනයේ කතුවරුන් ශක්‍ය විකල්ප කිහිපයක් යෝජනා කරයි:

  • ගබඩාවේ සංසන්දනාත්මක වටිනාකම හඳුනා ගැනීම හෝ ස්වාභාවික පද්ධතිවල සංයුක්ත භාවිතය හඳුනා ගැනීම
  • ඉල්ලුම අඩු කිරීමේ වටිනාකම හඳුනා ගැනීම
  • වැඩිදියුණු කළ ඉඩම් කළමනාකරණය හෝ ජලය නැවත භාවිතා කිරීම වැනි ක්‍රියාමාර්ග තුළින් සැපයුම වැඩි කිරීම
  • විමධ්‍යගත විසඳුම් භාවිතා කිරීම

 Shagun Kapil  විසින් Down to Earth වෙත ලියන ලද Every person may have to live on less water as per capita reservoir capacity decreases: UN නම් ලිපියේ සිංහල පරිවර්තනයකි.